
(නිමල කොඩිතුවක්කු)
2027 පාසල් වර්ෂය සඳහා පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව ලබා දීමේ වැඩසටහන 2025 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, 2027 වර්ෂය සඳහා එම වැඩසටහන යටතේ පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල ළමුන් 1,000,000 ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6,000/-ක පාසල් ලිපි ද්‍රව්‍ය දීමනාව සෘජුව ප්‍රේෂණය කිරීමටත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුනා ගත් ළමුන් 500,000ක් සඳහා රුපියල් 6,000/-ක් වටිනා වචුවර්පත් ඉහත වැඩසටහන යටතේ හිමිගන්වනු ලැබීමටත් අවශ්‍ය පියවර යනු ලබන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd